ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 22:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි.+

      මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.+

      මිනී වළට ඔබ මා නියම කළෙහිය.+

  • යෙසායා 53:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහුට සාධාරණ විනිශ්චයක් නොලැබුණු නිසා ඔහුව මරණයට ගෙන යනු ලැබීය.+ ඔහුගේ පෙළපතේ* විස්තර ගැන සොයා බලන්නේ කවුද?+ ඔහුගේ ජීවිතය නැති කර දැමුවේය.+ ඔහු පහර ලැබුවේ+ මාගේ සෙනඟ කළ පාප නිසාය.+

  • යෙසායා 53:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු තම දිවි පිදුවේය.+ පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබූ+ ඔහු පව්කාරයන් වෙනුවෙන් මැදිහත් වී+ බොහෝදෙනෙකුගේ පාප දැරුවේය.+ ඒ නිසා බොහෝදෙනෙකුට ලබා දෙන්නාක් මෙන් මම ඔහුටත් කොටසක් ලබා දෙන්නෙමි.+ ඔහු බලවතුන් සමඟ තම වස්තුව බෙදාගන්නේය.”+

  • දානියෙල් 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “සති හැටදෙක අවසන් වූ පසු මෙසියස්ව මරා දමනු ලබන්නේය.+ ඔහුට අයිති කිසිම දෙයක් ඉතුරු වන්නේ නැත.+

      “මතු පැමිණෙන පාලකයෙකුගේ යටත්වැසියෝ නුවර හා ශුද්ධස්ථානය+ විනාශ කරන්නෝය.+ ශුද්ධස්ථානය ජලගැල්මකට හසු වී විනාශ වී යන්නේය. අවසානය දක්වාම යුද්ධ පවතින්නේය. නියම කර තිබෙන ලෙසම එය විනාශ වී පාළුවට යන්නේය.+

  • 1 පේතෘස් 2:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න