20 නමුත් දෙවිගේ පුත්‍රයා පැමිණ ඇති බවත්+ සැබෑ වූ තැනැත්තාණන් ගැන දැනුම ලබාගැනීමට+ ඔහු අපට වටහාගැනීමේ+ හැකියාව දී ඇති බවත් අපි දනිමු. සැබෑ වූ තැනැත්තාණන්ගේ පුත් යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් අපි ඔහු සමඟ එකට බැඳී සිටිමු.+ සැබෑ+ දෙවි හා සදාකාල ජීවනය ලබා දෙන තැනැත්තාණන් ඔහුය.+