37 එවිට පිලාත්, “එසේනම්, ඔබ රජෙක්ද” කියා ඔහුගෙන් ඇසුවේය. යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “මම රජෙක් කියා ඔබ අසන ප්‍රශ්නයෙන්ම පැහැදිලියි.+ මා ඉපදුණෙත් මේ ලෝකයේ මිනිසුන් අතරට පැමිණියෙත් සත්‍යය ගැන සාක්ෂි දැරීමටයි.+ සත්‍යයට පක්ෂව සිටින සියලුදෙනාම+ මගේ හඬට සවන් දෙනවා.”+