28 ඒ අවස්ථාවේදී සැම්සන්+ යෙහෝවා දෙවිට කන්නලව් කරමින්+ මෙසේ පැවසීය. “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මගේ මේ කන්නලව්වට සවන් දෙන්න.+ මේ වතාවේදී විතරක් මට ඔබේ බලය දෙන්න.+ සැබෑ දෙවියනි, උගුල්ලා දැමූ මගේ ඇස් දෙකෙන් එක ඇහැක් වෙනුවෙන්වත් පිලිස්තිවරුන්ගෙන් වන්දියක් ගන්න මට උදව් කරන්න.”+