කොලොස්සි 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 කෙසේවෙතත් ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට+ යම් කෙනෙක් දර්ශන+ සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර+ යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය.+ නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය. 1 තිමෝති 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත.+ ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නා අතර+ එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.+ හෙබ්‍රෙව් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සහෝදරයෙනි, ඔබ ජීවමාන දෙවිව අත්හැරියොත් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැක.+ එහෙයින් පරෙස්සම් වන්න.
8 කෙසේවෙතත් ඔබ පරෙස්සම් විය යුතුයි. නැත්නම් සතෙක් ගොදුරක් ඩැහැගෙන යන ආකාරයට+ යම් කෙනෙක් දර්ශන+ සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තර+ යොදාගෙන ඔබව ගොදුරු කරගත හැකියි. ඒවාට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන්ය.+ නමුත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනිය.
9 නමුත් පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කිරීමට පෙලඹෙනු ඇත.+ ඔවුන් හසු වන්නේ උගුලකටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් බොහොමයක් හටගන්නා අතර+ එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.+
12 සහෝදරයෙනි, ඔබ ජීවමාන දෙවිව අත්හැරියොත් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැක.+ එහෙයින් පරෙස්සම් වන්න.