ක්‍රියා 23:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 පාවුල් මන්ත්‍රණ සභාවේ සියලුදෙනා දෙස හොඳින් බැලුවේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “සහෝදරයෙනි, මෙදින දක්වා මා කටයුතු කර ඇති ආකාරය දෙස බලද්දී දෙවි ඉදිරියේ මට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති බව+ මට කියන්න පුළුවන්.” ක්‍රියා 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ නිසා මා නිතරම උත්සාහ කරන්නේ දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමටයි. මා එවැනි කිසි වරදක් කර නැති බව මට දෙවි ඉදිරියේ කියන්න පුළුවන්.+ 1 තිමෝති 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මා එවැනි නියෝගයක් පනවන්නේ අප පෙන්වන ප්‍රේමය+ පවිත්‍ර හදවතකින්ද+ දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියකින්ද+ කිසිම කුහකකමක් නැති විශ්වාසයකින්ද+ පෙන්විය යුතු නිසාය. 1 තිමෝති 1:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එමෙන්ම ඔබ ගොඩනඟා ගෙන තිබෙන විශ්වාසයද දෙවි ඉදිරියේ ඔබට තිබෙන නිදොස් හෘදය සාක්ෂියද රැකගන්න.+ සමහරුන් එය රැකගැනීමට කිසි උත්සාහයක් ගන්නේ නැත.+ ඒ නිසා නැවක් මුහුදුබත් වන්නා සේම ඔවුන් තුළ තිබෙන විශ්වාසයද විනාශ වී ගොස් ඇත.+ 1 තිමෝති 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එලෙසම ඔවුන් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව+ දෙවිගේ පරිශුද්ධ රහසක්+ වන ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඇලී සිටින අය විය යුතුයි.
23 පාවුල් මන්ත්‍රණ සභාවේ සියලුදෙනා දෙස හොඳින් බැලුවේය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “සහෝදරයෙනි, මෙදින දක්වා මා කටයුතු කර ඇති ආකාරය දෙස බලද්දී දෙවි ඉදිරියේ මට සම්පූර්ණයෙන්ම නිදොස් හෘදය සාක්ෂියක් ඇති බව+ මට කියන්න පුළුවන්.”
16 ඒ නිසා මා නිතරම උත්සාහ කරන්නේ දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමටයි. මා එවැනි කිසි වරදක් කර නැති බව මට දෙවි ඉදිරියේ කියන්න පුළුවන්.+
5 මා එවැනි නියෝගයක් පනවන්නේ අප පෙන්වන ප්‍රේමය+ පවිත්‍ර හදවතකින්ද+ දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියකින්ද+ කිසිම කුහකකමක් නැති විශ්වාසයකින්ද+ පෙන්විය යුතු නිසාය.
19 එමෙන්ම ඔබ ගොඩනඟා ගෙන තිබෙන විශ්වාසයද දෙවි ඉදිරියේ ඔබට තිබෙන නිදොස් හෘදය සාක්ෂියද රැකගන්න.+ සමහරුන් එය රැකගැනීමට කිසි උත්සාහයක් ගන්නේ නැත.+ ඒ නිසා නැවක් මුහුදුබත් වන්නා සේම ඔවුන් තුළ තිබෙන විශ්වාසයද විනාශ වී ගොස් ඇත.+
9 එලෙසම ඔවුන් දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව+ දෙවිගේ පරිශුද්ධ රහසක්+ වන ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට ඇලී සිටින අය විය යුතුයි.