ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ෆිලිප්පි 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඇත්තෙන්ම මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබත් නිරතුරුවම කීකරුකම පෙන්වා ඇත.+ ඔබ එසේ කළේ මා ඔබ ළඟ සිටියදී* පමණක් නොවේ. මා ඔබෙන් ඈත්ව සිටි විටත් ඔබ ඊටත් වඩා උනන්දුවකින් එසේ කළහුය. දැනුත් ඔබ කරමින් සිටින්නේ එයයි. එහෙයින් දේවගරුබියක් ඇතුව+ ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න.

  • 2 තිමෝති 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 දෙවිගේ අනුමැතිය ලබා ඇති+ සේවකයෙකු ලෙස+ පෙනී සිටීම සඳහා ඔබට හැකි උපරිමය කරන්න. එලෙසම තමන් ඉටු කරන සේවය ගැන ලැජ්ජා නොවන,+ සත්‍යය අඩංගු දේවවචනය නිසි ලෙස භාවිත කරන කෙනෙකු වන්න.+

  • හෙබ්‍රෙව් 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එහෙයින් විවේක ගැනීමට තිබෙන ඒ අවස්ථාව ලබාගැනීමට අපි උපරිම උත්සාහයක් දරමු. මන්ද එසේ නොකළොත් අපගේ මුතුන්මිත්තන්ගේ අවාදර්ශය අනුගමනය කරමින් අපද අකීකරු අය බවට පත් වනු ඇත.+

  • යූද් 3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ප්‍රේමණීය සහෝදරයෙනි,+ මාගේ මහත් ආශාව වූයේ අප සියලුදෙනාටම පොදුවේ ලැබෙන ගැලවීම ගැන ඔබට ලිවීමය.+ නමුත් ඔබ විශ්වාස කරන සියල්ලට ඇලී සිටීම සඳහා මහත් සටනක නිරත විය යුතුයි+ කියා ඔබව උනන්දු කිරීමට අවශ්‍ය බව මට පෙනී ගියේය. ඔබ විශ්වාස කරන සියල්ල ශුද්ධ තැනැත්තන්ට එකවරම එළිදරව් කරන ලදි.+ එළිදරව් කිරීමට තවත් දෙයක් නැත. මා දැන් ඔබට ලියන්නේ ඔබ කළ යුතු ඒ සටන ගැනය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න