යෙසායා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙස්සේගේ+ කඳෙන් අංකුරයක්+ හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක්+ හටගෙන පල දරන්නේය.+ යෙසායා 53:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු අංකුරයක්+ මෙන්ද වියළි බිමක මතු වන මුලක් මෙන්ද ජනයා ඉදිරියේ වැඩෙයි. ඔහුට සිත් ඇදගන්නා, තේජවත් පෙනුමක් නැත.+ අප ඔහු දෙස බැලුවත් සිත ආකර්ෂණය කරගන්නා කිසිවක් ඔහු තුළ දක්නට නොලැබෙයි.+ යෙරෙමියා 23:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+ යෙරෙමියා 33:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකුව ඒ කාලයේදී මම බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨකමින් දේශය පාලනය කරනු ඇත.+ රෝම 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ ශුභාරංචිය ඔහුගේ පුත්‍රයා පිළිබඳවය. ඔහු මිනිසෙකු ලෙස+ ඉපදුණේ දාවිත්ගේ පෙළපතින්ය.+
2 ඔහු අංකුරයක්+ මෙන්ද වියළි බිමක මතු වන මුලක් මෙන්ද ජනයා ඉදිරියේ වැඩෙයි. ඔහුට සිත් ඇදගන්නා, තේජවත් පෙනුමක් නැත.+ අප ඔහු දෙස බැලුවත් සිත ආකර්ෂණය කරගන්නා කිසිවක් ඔහු තුළ දක්නට නොලැබෙයි.+
5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+
15 දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකුව ඒ කාලයේදී මම බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨකමින් දේශය පාලනය කරනු ඇත.+