ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම දැන් ඔබට කියන්න යන මේ දේවලට කිසිම දෙයක් එකතු කරන්නවත් එයින් කිසිම දෙයක් ඉවත් කරන්නවත් ඔබට අවසර නැහැ.+ ඔබේ දෙවි වන යෙහෝවා දුන් ඒ සෑම නීතියක්ම ඔබ පිළිපැදිය යුතුයි.

  • ද්විතීය කතාව 12:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 ඒ නිසා මා ඔබට කියා දෙන මේ සෑම අණක්ම පිළිපැදීමට ඔබ වගබලා ගත යුතුයි.+ එයට කිසි දෙයක් එකතු කරන්නවත් එයින් කිසි දෙයක් ඉවත් කරන්නවත් එපා.+

  • හිතෝපදේශ 30:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහුගේ වදන්වලට කිසිවක් එකතු නොකරන්න.+ මන්ද එසේ කළොත් ඔබ බොරුකාරයෙක් වන්නෙහිය.+ එවිට දෙවි ඔබට තරවටු කරනු ඇත.

  • යොහන් 20:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඇත්තෙන්ම මේ ලියවිල්ලෙහි ලියා නැති වෙනත් බොහෝ පුදුම දේවල්ද යේසුස් තම ගෝලයන් ඉදිරියෙහි සිදු කළේය.+

  • 2 කොරින්ති 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යමෙක් පැමිණ අප යේසුස් ගැන දේශනා කළ දෙයට වඩා වෙනස් දෙයක් දේශනා කළොත්+ එසේ නැත්නම් ඔබ පිළිගත් ශුභාරංචියට වඩා වෙනස් ශුභාරංචියක් ඔබට පැවසුවොත්+ ඔබ ඔහුව පිළිගන්නා බව මම දනිමි.+ එසේම ඔබ දැනටමත් සිතන ආකාරයට* වඩා වෙනස් ආකාරයකින් සිතීමට ඔහු ඔබට බලපෑම් කළොත්+ ඔබ ඔහුට හසු වන බවත් දනිමි.

  • ගලාති 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 නමුත් අපෙන් කෙනෙකු හෝ ස්වර්ගයේ දේවදූතයෙක් හෝ පැමිණ අප ප්‍රකාශ කළ ශුභාරංචියට වඩා වෙනස් ශුභාරංචියක් ඔබට ප්‍රකාශ කරනවා නම් ඔහුට ශාප වේවා!+

  • 1 යොහන් 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී ඇති බව පැවසුවත් යේසුස්ව පිළි නොගන්නා බව එහි සඳහන් වුවහොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් නොවේ.+ ඇත්තෙන්ම එය ක්‍රිස්තු-විරෝධියාගෙන් පැමිණි පණිවිඩයකි. ඔහු පැමිණෙන බව ඔබ අසා ඇති අතර+ දැනටමත් ඔහු මේ ලෝකයේ සැරිසරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න