-
2 කොරින්ති 7:11ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඒ වෙනුවට දෙවි ඉදිරියේ අවංකවම දුක් වීමෙන් ඔබට අත් වන ප්‍රතිඵල මොනවාද කියා දැන් බලන්න.+ මුලින්ම ඔබ යම් පියවර ගැනීමට දැඩි වෑයමක් දැරූ අතර ඇති වූ කැළැල නැති කිරීමටද මහත් ආශාවක් ඔබ තුළ ඇති විය. එලෙසම කලින් කළ වරද ගැන පිළිකුලක්ද දෙවි සඳහා ගරුබියක්ද ඔබට ඇති වූ අතර වරද නිවැරදි කරගැනීමට+ අවංක ආශාවකින්ද උද්‍යෝගයෙන්ද ඔබ ක්‍රියා කර ඇත. ඒ අනුව ඒ කාරණය සම්බන්ධයෙන් ඔබ පවිත්‍ර වී ඇති බව සෑම පැත්තකින්ම පැහැදිලිය.
-