ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 6:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට මම, “අනේ යෙහෝවා දෙවියනි, මේ තත්වය තව කොපමණ කාලයක් පවතීද”+ කියා ඇසුවෙමි. එවිට ඔහු මෙසේ කීවේය. “නුවරවල් නටබුන් වී යන තුරුත් පදිංචියට කාත් කවුරුත් නැතුව නිවෙස් පාළු වී යන තුරුත් මුළු දේශයම නාස්ති වී යන තුරුත් මේ තත්වය පවතියි.+

  • යෙරෙමියා 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ජාතීන් වනසා දමන තැනැත්තා,+ වනයෙන් නික්ම එන රෞද්‍ර සිංහයෙකු මෙන් පැමිණෙන්නේය.+ ඔබේ දේශය විනාශ කර දමන පිණිස ඔහු නික්ම එන්නේය. ඒ විනාශය දැක සියලුදෙනා මවිතයට පත් වන්නෝය. කිසිවෙකු ඉතුරු නොවන සේ ඔබේ නුවරවල් සියල්ල ඔහු නටබුන් කරන්නේය.”+

  • යෙරෙමියා 26:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “යූදාහි රජු වූ හෙසකියා පාලනය කළ කාලයේදී+ මොරෂෙත් නගරයේ විසූ+ මීකා+ පැමිණ යූදාහි සෙනඟට මෙවැනි අනාවැකියක් පැවසුවා. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙතක් හාන්නාක් මෙන් සියොන් නාස්ති කරනු ලබන්නේය.+ යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් බවට පත් වන්නේය.”’+

  • මීකා 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න