යෝබ්
34 එලිහු තවදුරටත් මෙසේ පැවසුවේය.
2 “ප්‍රඥාවන්තයෙනි, මට සවන් දෙන්න.
දැනුම් තේරුම් ඇත්තෙනි, මට ඇහුම්කන් දෙන්න.
4 අපි හරි දේ කුමක්දැයි සොයා බලමු.
යහපත කුමක්දැයි විමසා බලමු.
9 මන්ද, ‘දෙවිව සතුටට පත් කරන ජීවිතයක් ගත කිරීමෙන්
මිනිසෙකුට කිසි ප්‍රයෝජනයක් නැහැ’+ කියා ඔහු පවසන්නේය.
10 තේරුම්ගැනීමේ හැකියාව ඇති තැනැත්තෙනි,+ දැන් මා කියන දේට ඇහුම්කන් දෙන්න.
සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද?+
සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද?+ එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.
11 දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+
මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය.
13 මුළු මහත් පොළොව රැකබලා ගැනීමට දෙවිව පත් කළේ කවුද?
කවරෙකු හෝ මේ පොළොව දෙවිගේ භාරයේ තැබුවාද?
14 අවශ්‍ය නම් මිනිසාව ජීවත් කරවන බලයත්
හුස්මත් ඉවත් කිරීමට දෙවිට හැක.+
15 එවිට සෑම ජීවියෙක්ම නසිනු ඇත.
මිනිසාද නැවත දූවිල්ලට හැරී යනු ඇත.+
16 ඔබ දැනුම් තේරුම් ඇති අය නම් මට ඇහුම්කන් දෙන්න.
මා පවසන දේ සිතට ගන්න.
17 යුක්තියට ප්‍රිය නොකරන කෙනෙකුට පාලනය කළ හැකිද?+
ධර්මිෂ්ඨ ලෙස ක්‍රියා කරන බලවන්තයෙකු දුෂ්ටයි කියා ඔබ පවසයිද?+
19 එහෙත් අධිපතියෙකුට වුවද විශේෂ සැලකිල්ලක් නොදක්වන කෙනෙක් සිටියි.
ඔහු දිලින්දන්ටත් උත්තමයන්ටත් සලකන්නේ එක හා සමානවය.+
මන්ද ඒ සෑම කෙනෙකුටම ජීවිතය දුන්නේ ඔහුය.+
20 ඒ සියලුදෙනාම රෑ යාමයේදී+ සැණෙකින් මිය යන්නෝය.+
ඔවුහු විපත්තිය දැක කැලඹී, අවසන් හුස්ම හෙළන්නෝය.
බලවන්තයෝ පවා මිනිසෙකුගේ මැදිහත් වීමකින් තොරව නැති වී යන්නෝය.+
23 මිනිසුන්ව විනිශ්චය කිරීමට දෙවි විශේෂ දවසක් නියම කර නැත.
ඔහුට ඕනෑම අවස්ථාවක එසේ කළ හැක.
24 ඒ නිසා ඔහු බලවතුන්ව විනිශ්චයට නොකැඳවා, ඔවුන්ව බලයෙන් පහ කර දමන්නේය.+
ඉන්පසු ඔහු ඔවුන් වෙනුවට වෙනත් අයව පත් කරන්නේය.+
26 ඔහු ඔවුන්ව දුෂ්ටයන් ලෙස සලකා
සියල්ලන් ඉදිරියේ ඔවුන්ට පහර දෙන්නේය.+
27 මන්ද ඔවුහු දෙවිගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කර,+
ඔහුගේ ආඥා ගැන කිසිදු තැකීමක් නොකරන්නෝය.+
28 අසරණ අය කඳුළු සලමින් දෙවිට කන්නලව් කරන්නෙත්
පීඩිතයන් ඔහුගෙන් පිහිට පතන්නෙත් ඔවුන් නිසාය.+
29 දෙවි සාමකාමී කාලයක් උදා කළොත් කිසිවෙකුට ඒ ගැන දොස් කිව හැකිද?
ඔහු තම මුහුණ ඉවතට හරවාගත්තොත්+ කිසිවෙකුට ඔහුව දැකිය හැකිද?
ඔහු ඉවතට හැරෙන්නේ යම් පුද්ගලයෙකු වෙතින් හෝ වේවා යම් ජාතියක් වෙතින් හෝ වේවා+ සිදු වන්නේ එකම දෙයයි.
31 යමෙකු දෙවිට කතා කොට මෙසේ කියයිද?
‘මම දුෂ්ටකම්+ නොකළත් දුක් විඳින්නෙමි.
32 මා වරදක් කර ඇත්නම් එය මට පෙන්වා දෙන්න.
මා යම් අධර්මිෂ්ඨ ක්‍රියාවක් කර ඇත්නම් මම යළි එය නොකරන්නෙමි.’+
33 දෙවිගේ තීරණය ප්‍රතික්ෂේප කිරීමට ඔබ තෝරාගත් නිසා
ඔබ බලාපොරොත්තු වන ආකාරයට දෙවි ඔබේ ප්රශ්නය විසඳයි කියා ඔබ සිතනවාද?
මේ තීරණය ගත යුත්තේ මා නොව ඔබය. ඒ නිසා දැන් ඔබ දන්නා දේ කියන්න.