-
එසකියෙල් 25:12, 13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඒදොම්වරු පළිගන්න අදහසින් යූදා සෙනඟට විරුද්ධව වැඩ කළා. ඒ නිසා මම ඔවුන්ව සලකන්නේ බරපතළ වැරදිකරුවන් විදිහටයි.+ 13 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මම ඒදොම් දේශයට විරුද්ධව මගේ අත දික් කරලා එහේ ඉන්න මිනිසුන්වයි, සතුන්වයි විනාශ කරලා ඒක පාළු තැනක් කරනවා.+ තේමාන් ඉඳන් දෙදාන් වෙන කල් ඉන්න හැමෝම කඩුවෙන් මැරුම් කනවා.+
-