ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 17:14, 15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට දෙන දේශයට ගිහින් ඒක අයිති කරගෙන කාලයක් එහේ ජීවත් වෙද්දී ඔයාලට හිතෙන්න පුළුවන් ‘අවට ජාතීන්ට වගේ අපිටත් රජෙක් හිටියා නම් හොඳයි’ කියලා.+ 15 එහෙම වුණොත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා තෝරගන්න කෙනාව රජ හැටියට පත් කරන්න.+ ඔයාලට රජ හැටියට පත් කරන්න පුළුවන් ඔයාලාගේ සහෝදරයන්ගෙන් කෙනෙක්ව විතරයි. ඔයාලාගේ සෙනඟට අයිති නැති, විදේශිකයෙක්ව පත් කරන්න ඔයාලට අවසර නැහැ.

  • 1 සාමුවෙල් 10:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඒත් ඔයාලා “අපිව පාලනය කරන්න රජෙක්ව ඕනෙමයි” කියකිය මාව ප්‍රතික්ෂේප කළා.+ හැම දුකකින්ම, හැම නපුරු දේකින්ම ඔයාලව බේරගත්ත ඔයාලාගේ දෙවියන්වයි ඔයාලා ප්‍රතික්ෂේප කළේ. දැන් ඔයාලා යෙහෝවා වන මං ඉස්සරහට එන්න. එක් එක් කෙනා ඔයාලාගේ ගෝත්‍රවලට අනුවත් පවුල්වලට* අනුවත් මං ඉස්සරහා රැස් වෙන්න.’”

  • 1 ලේකම් 1:43-50
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඒදොම්+ දේශය පාලනය කරපු රජවරුන්ගේ විස්තර පහළින් තියෙනවා. එයාලා පාලනය කළේ ඊශ්‍රායෙල්වරුන්ට රජ කෙනෙක්ව පත් කරන්න කලිනුයි.+ බෙයොර්ගේ පුතා බෙලා. එයාගේ නගරයේ නම දින්හබා. 44 බෙලා මැරුණාට පස්සේ බොෂ්රාවලින්+ ආපු සේරාගේ පුතා වුණ යෝබාබ් පාලනය කරන්න පටන්ගත්තා. 45 යෝබාබ් මැරුණාට පස්සේ තේමාන්වරුන්ගේ දේශයෙන් ආපු හූෂාම් පාලනය කරන්න පටන්ගත්තා. 46 හූෂාම් මැරුණාට පස්සේ බෙදද්ගේ පුතා වුණ හදද් පාලනය කරන්න පටන්ගත්තා. එයා තමයි මෝවබ් ප්‍රදේශයේදී* මිදියන්ව පරාජය කළේ. එයාගේ නගරයේ නම අවිත්. 47 හදද් මැරුණාට පස්සේ මස්රේකාවලින් ආපු සම්ලා පාලනය කරන්න පටන්ගත්තා. 48 සම්ලා මැරුණාට පස්සේ ගඟට කිට්ටුව තියෙන රෙහොබොත්වලින් ආපු ෂාවුල් පාලනය කරන්න පටන්ගත්තා. 49 ෂාවුල් මැරුණාට පස්සේ අක්බොර්ගේ පුතා වුණ බාල්හානාන් පාලනය කරන්න පටන්ගත්තා. 50 බාල්හානාන් මැරුණාට පස්සේ හදද් පාලනය කරන්න පටන්ගත්තා. එයාගේ නගරයේ නම පාව්. එයාගේ බිරිඳගේ නම මෙහේටබෙල්. එයා මාත්රෙද්ගේ දුව සහ මේෂාහාබ්ගේ මිනිපිරිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න