-
ගණන් කතාව 15:2-4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 “ඊශ්‍රායෙල්වරුන්ට මේ දේ කියන්න. ‘ඔබ අනිවාර්යයෙන්ම මම ඔබට දෙන්න යන දේශයට ගිහින් පදිංචි වෙනවා.+ 3 එහෙදී ඔබ එළු බැටළු රැළෙන් හෝ ගව රැළෙන් යෙහෝවා වන මට මිහිරි* සුවඳක් ගේන්න,+ ගින්නෙන් පූජා ඔප්පු කරද්දී ඔබ ඒක කරන්න ඕනෙ මේ විදිහටයි. ඔබ යෙහෝවා වන මට ඔප්පු කරන්නේ දවන පූජාවක්+ වුණත් විශේෂ භාරයක් වුණත් කැමැත්තෙන්ම දෙන පූජාවක්+ වුණත් නියම කරපු උත්සව දවස්වලදී+ කරන පූජාවක් වුණත් 4 ඒ පූජාවත් එක්ක යෙහෝවා වන මට ධාන්‍ය පූජාවකුත් ඔප්පු කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබ සිහින්ව කොටාගත්ත පිටි+ ඒපාවකින්* දහයෙන් කොටසකට තෙල් හින මිනුමකින්* හතරෙන් කොටසක් මිශ්‍ර කරලා ගෙනා යුතුයි.
-