19 “ඔබ අනිත් බැටළුවාවත් එතනට අරගෙන එන්න. ඒ බැටළුවාගේ හිස මතත් ආරොන් සහ ඔහුගේ පුතුන් අත් තැබිය යුතුයි.+ 20 ඊටපස්සේ ඌව මරලා උගේ ලේ ටිකක් අරගෙන ආරොන්ගේ දකුණු කන් පෙත්තේ, දකුණු අතේ මාපටැඟිල්ලේ සහ දකුණු කකුලේ මාපටැඟිල්ලේ ගාන්න. ඔහුගේ පුතුන්ටත් ඒ විදිහටම කරන්න. ඉතුරු ලේ ටික පූජාසනයේ හැම පැත්තකටම ඉහින්න.