- 
	                        
            
            නික්මයාම 29:22-25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
22 “ඊටපස්සේ බැටළුවාගේ තෙල් කොටස්, තෙලින් පිරුණු වලිගය, බඩවැල් වටේ තියෙන තෙල් කොටස්, අක්මාව වටේ තියෙන තෙල්, වකුගඩු දෙක, ඒවාවල තියෙන තෙල්+ සහ බැටළුවාගේ දකුණු ගාතය ගන්න. ඒ බැටළුවා, පූජකයන්ව අභිෂේක කරද්දී ඔප්පු කරන පූජාවයි.+ 23 යෙහෝවා වන මං ඉස්සරහට ගෙනාපු මුහුන් නොදැමූ රොටි කූඩයෙන් රොටියක්, තෙල් මිශ්‍ර කරලා මුද්දක හැඩේට හදාගත්ත රොටියක් සහ තෙල් තවරපු සිහින් රොටියක් ගන්න. 24 බැටළුවාගේ කොටස් සහ ඒ රොටි ආරොන්ගේ සහ ඔහුගේ පුතුන්ගේ අත් උඩ තියලා ඒවා යෙහෝවා දෙවියන් ඉස්සරහා ඒ මේ අත සොලවන්න කියලා ඔවුන්ට කියන්න.* ඒක දෙවියන්ට පිළිගන්වන සොලවන පූජාවක්. 25 ඊටපස්සේ ඒවා ඔවුන්ගේ අත්වලින් අරගෙන පූජාසනයේ තියෙන දවන පූජාව උඩ තියලා යෙහෝවා වන මට ගින්නෙන් ඔප්පු කරන්න. ඒක යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගෙන දෙන පූජාවක්.
 
 -