10 “අවුරුදු හයක් ඔබේ කෙත්වතුවල බීජ වපුරලා පලදාව රැස් කරගන්න.+ 11 ඒත් හත්වෙනි අවුරුද්දේ කෙත්වතුවල බීජ වපුරන්නේ නැතුව ඒවා නිකම්ම තියෙන්න හරින්න. ඒ කාලයේදී ඉබේම හටගන්න පලදාව දුප්පත් අයට එකතු කරගන්න ඉඩහරින්න. ඉතුරු වෙන දේ සත්තුන්ට කන්න හරින්න. ඔබේ මිදිවතු සහ ඔලීවවතුවලටත් ඒ දේම කරන්න.