ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 28:3-8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “ඔයා සෙනඟට මේ දේත් කියන්න. ‘යෙහෝවා වන මට ගින්නෙන් දවා ඔප්පු කළ යුතු පූජා මේවායි. අවුරුද්දක් වයස, කිසි කැළලක් නැති බැටළු පැටව් දෙන්නෙක්ව දවන පූජාවක් විදිහට දිනපතාම ඔප්පු කළ යුතුයි.+ 4 එක බැටළු පැටියෙක්ව උදේට ඔප්පු කරන්න. අනිත් පැටියාව හිරු බැහැගෙන යනවාත් එක්කම* ඔප්පු කරන්න.+ 5 ඒ හැම පූජාවක් එක්කම ධාන්‍ය පූජාවකුත් ඔප්පු කරන්න. සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින්* දහයෙන් කොටසකට ඔලීව ගෙඩි කොටලා හදාගත්ත තෙල් හින මිනුමකින්* හතරෙන් කොටසක් මිශ්‍ර කරලා ධාන්‍ය පූජාව විදිහට ඔප්පු කරන්න.+ 6 ඒක නිතිපතා ඔප්පු කළ යුතු දවන පූජාවක්.+ ඒ පූජාව ඔප්පු කරන්න කියලා මං නියම කලේ සීනයි කන්දෙදියි. යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න ඒක ගින්නෙන් ඔප්පු කළ යුතුයි. 7 ඒ එක් එක් බැටළුවා එක්ක පාන පූජාවකුත් ඔප්පු කරන්න. පාන පූජාව විදිහට මත්පැන් හින මිනුමකින් හතරෙන් කොටසක් ඔප්පු කරන්න.+ ඒක ශුද්ධස්ථානයේ යෙහෝවා වන මං ඉස්සරහා වක් කරන්න. 8 අනිත් බැටළුවාවත් හිරු බැහැගෙන යනවාත් එක්කම* ඔප්පු කරන්න. මේ දවන පූජාව එක්කත් උදේ ඔප්පු කරපු විදිහටම ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කරන්න. යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න ඒ පූජාව ගින්නෙන් ඔප්පු කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න