7 යෙහෝවාගේ සේවක මෝසෙස් මාව කාදෙෂ්බර්නේයේ ඉඳන් දේශයේ තොරතුරු බලන්න යැව්වා.+ එතකොට මට වයස අවුරුදු 40යි. මං ඒ දේශයේදී දැක්ක හැම දෙයක්ම ඒ විදිහටම මෝසෙස්ට කිව්වා.+ 8 මාත් එක්ක ගිය අනිත් අය සෙනඟගේ හිතේ බයක් ඇති වෙන දේවල් කියලා එයාලව හොඳටම අධෛර්යය කළා. ඒත් මං මුළු හදවතින්ම මගේ දෙවි යෙහෝවාව විශ්වාස කළා.+