-
ද්විතීය කතාව 1:26-28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
26 ඒත් ඔයාලා* ඒ දේශයට යන්න කැමති වුණේ නැහැ. ඔයාලාගේ දෙවි වන යෙහෝවා දුන්න නියෝගයට විරුද්ධව ඔයාලා කැරලිගැහුවා.+ 27 ඔයාලා කූඩාරම්වලට වෙලා දිගටම මෙහෙම මැසිවිලි නැඟුවා. ‘යෙහෝවා අපිට වෛර කරනවා. ඒ නිසයි ඔහු ඊජිප්තු දේශයේ ඉඳන් අපිව මෙහෙට ගෙනාවේ. ඔහුට ඕනෙ අමෝරිවරුන්ගේ අතින් අපිව නැති කරලා දාන්නයි. 28 ඒ වගේ තැනකට යන්න අපිට ඕනෙ නැහැ. තොරතුරු බලන්න ගිය අපේ සහෝදරයන් කිව්ව දේවල් මතක නැද්ද? “එහේ ඉන්න මිනිස්සු යෝධයෝ වගේ. එයාලාගේ නගර පවුරුවලින් වට කරලයි තියෙන්නේ. ඒ පවුරු අහසේ ගෑවෙන තරම් උසයි.+ අනාක්ගෙන් පැවතෙන අයත් එහේ ඉන්නවා”+ කියලා එයාලා අපිට කිව්වා. ඉතින් අපේ හිතට ලොකු බයක් දැනෙනවා.’+
-