-
යොෂුවා 12:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟට නැඟෙනහිර පැත්තෙන් තියෙන ප්‍රදේශ පාලනය කරපු රජවරුන්ව පරාජය කරලා එයාලට අයිති ප්‍රදේශ යටත් කරගත්තා. ආනොන් නිම්නයේ+ ඉඳන් හෙර්මොන්+ කන්ද දක්වා විහිදිලා යන ප්‍රදේශයත් මහ අරබා නිම්නයේ නැඟෙනහිර පැත්තට+ අයිති මුළු ප්‍රදේශයත් එයාලා අයිති කරගත්තා. ඊශ්‍රායෙල්වරු පරාජය කරපු රජවරුන්ගේ විස්තර මේවායි. 2 අමෝරිවරුන්ගේ රජ වුණ සීහොන්+ එයාලාගෙන් කෙනෙක්. එයා ජීවත් වුණේ හෙෂ්බොන් නගරයේ. ආනොන් නිම්නයේ+ එක පැත්තක තිබුණ අරෝයේර්+ නගරයේ පාලකයා වුණේ එයායි. ආනොන් නිම්නයේ මැද ඉඳන් යබ්බොක් නිම්නය වෙන කල් තියෙන මුළු ප්‍රදේශයම තිබුණේ එයාගේ යටතේ. ගිලියද් දේශයෙන් භාගයක් අයිති වුණේ එයාටයි. අම්මොන්වරුන්ගේ දේශ සීමාව වුණෙත් යබ්බොක් නිම්නය.
-