උත්පත්ති 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් ඉඳන් ගාසා+ ළඟ තිබුණු ගෙරාර්+ දක්වාත් ලාෂා ළඟ තිබුණු සොදොම්, ගොමෝරා,+ අද්මා සහ ෂෙබොයිම්+ කියන නගර දක්වාත් දිව ගියා. ද්විතීය කතාව 4:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන්ව පන්නලා දාලා එයාලාගේ දේශය ඔයාලට උරුමයක් හැටියට ලබා දෙන්නෙත් ඒ නිසයි. ඒක ඔයාලා දැනටමත් දකිනවා.+ යොෂුවා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 හිත්තීවරුන්ට+ අයිති මුළු ප්‍රදේශයම ඔයාලට අයිති වෙනවා. පාළුකරයේ ඉඳන් ලෙබනොන් දේශය දක්වා සහ යුප්‍රටීස් කියන මහ ගඟ දක්වා තියෙන ප්‍රදේශයත් බස්නාහිර පැත්තේ තියෙන මහ මුහුද*+ දක්වා තියෙන ප්‍රදේශයත් මම ඔයාලට දෙනවා. යොෂුවා 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පූජක එලියාසර්, නූන්ගේ පුතා වන යොෂුවා සහ ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ කානාන් දේශයේ ඉඩම් ඊශ්‍රායෙල් සෙනඟට උරුමයක් විදිහට බෙදලා දුන්නා.+ යෙරෙමියා 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මං හරිම ආසාවෙන් ඔබට හොඳම දේශය දීලා මගේ පුතුන් අතරේ තැනක්* ඔබට දුන්නා. ඔබට උරුමයක් විදිහට දුන්නේ ජාතීන් අතරේ තියෙන ලස්සනම දේශය.+ ඔබ මට ‘මගේ තාත්තේ’ කියලා කතා කරයි කියලත් මාව අතහරින්නේ නැතුව දිගටම මගේ පස්සෙන් එයි කියලත් මං හිතුවා. ක්‍රියා 17:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඔහු එක මිනිසෙක්ගෙන් හැම ජාතියක්ම බිහි කළා.+ එයාලා මුළු පොළොව පුරාම ජීවත් වෙනවා දකින්නයි ඔහුට ඕනෙ වුණේ.+ යම් දේවල් වෙන්න ඕනෙ කාලය ඔහු කලින්ම තීරණය කළා. ඔහු සීමා මායිම් දාලා මිනිස්සු ජීවත් වෙන්න ඕනෙ කොහෙද කියලත් තීරණය කළා.+
19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් ඉඳන් ගාසා+ ළඟ තිබුණු ගෙරාර්+ දක්වාත් ලාෂා ළඟ තිබුණු සොදොම්, ගොමෝරා,+ අද්මා සහ ෂෙබොයිම්+ කියන නගර දක්වාත් දිව ගියා.
38 ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන්ව පන්නලා දාලා එයාලාගේ දේශය ඔයාලට උරුමයක් හැටියට ලබා දෙන්නෙත් ඒ නිසයි. ඒක ඔයාලා දැනටමත් දකිනවා.+
4 හිත්තීවරුන්ට+ අයිති මුළු ප්‍රදේශයම ඔයාලට අයිති වෙනවා. පාළුකරයේ ඉඳන් ලෙබනොන් දේශය දක්වා සහ යුප්‍රටීස් කියන මහ ගඟ දක්වා තියෙන ප්‍රදේශයත් බස්නාහිර පැත්තේ තියෙන මහ මුහුද*+ දක්වා තියෙන ප්‍රදේශයත් මම ඔයාලට දෙනවා.
14 පූජක එලියාසර්, නූන්ගේ පුතා වන යොෂුවා සහ ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ කානාන් දේශයේ ඉඩම් ඊශ්‍රායෙල් සෙනඟට උරුමයක් විදිහට බෙදලා දුන්නා.+
19 මං හරිම ආසාවෙන් ඔබට හොඳම දේශය දීලා මගේ පුතුන් අතරේ තැනක්* ඔබට දුන්නා. ඔබට උරුමයක් විදිහට දුන්නේ ජාතීන් අතරේ තියෙන ලස්සනම දේශය.+ ඔබ මට ‘මගේ තාත්තේ’ කියලා කතා කරයි කියලත් මාව අතහරින්නේ නැතුව දිගටම මගේ පස්සෙන් එයි කියලත් මං හිතුවා.
26 ඔහු එක මිනිසෙක්ගෙන් හැම ජාතියක්ම බිහි කළා.+ එයාලා මුළු පොළොව පුරාම ජීවත් වෙනවා දකින්නයි ඔහුට ඕනෙ වුණේ.+ යම් දේවල් වෙන්න ඕනෙ කාලය ඔහු කලින්ම තීරණය කළා. ඔහු සීමා මායිම් දාලා මිනිස්සු ජීවත් වෙන්න ඕනෙ කොහෙද කියලත් තීරණය කළා.+