-
ලෙවී කතාව 25:32-34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
32 “‘ලෙවීවරුන් ඔවුන්ගේ නගරයක තියෙන ගෙවල්+ විකුණුවොත් ඒවා ආපහු මිල දීලා ගන්න අයිතිය ඔවුන්ට හැමදාටම තියෙනවා. 33 ලෙවීවරුන්ට අයිති නගරයක තියෙන ගෙයක් ආපහු මිල දීලා ගත්තේ නැත්නම් නිදහස ලැබෙන අවුරුද්දේදී ඒක ආපහු අයිතිකරුට ලැබෙනවා.+ මොකද ලෙවීවරුන්ට අයිති නගරවල තියෙන ගෙවල් ඊශ්‍රායෙල් දේශයේ ඔවුන්ට අයිති දෙයක් විදිහට ඔවුන් වෙනුවෙන් වෙන් කරලයි තියෙන්නේ.+ 34 ඔවුන්ගේ නගර අවට තියෙන තණබිම්+ විකුණන්න අවසර නැහැ. මොකද ඒවා හැමදාටම අයිති ඔවුන්ටයි. ඒවා ඔවුන්ගේ උරුමයයි.
-