ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 20:2, 3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඊශ්‍රායෙල්වරුන්ට මේ දේ කියන්න. ‘මං කලින් මෝසෙස්ට කිව්ව විදිහට ඔයාලා දැන් නගර කීපයක් තෝරගෙන ආරක්ෂාව ලබා දෙන නගර විදිහට ඒවා වෙන් කරන්න.+ 3 එතකොට අත්වැරදීමක් නිසා* කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් එයාට පුළුවන් ආරක්ෂාව ලබා දෙන නගරයකට පලා යන්න. වරද කරපු කෙනා ඒ නගරයකට ගියොත් එයාව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන්* ආරක්ෂා වෙන්න එයාට පුළුවන්.+

  • යොෂුවා 20:7, 8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඉතින් ඊශ්‍රායෙල්වරු නගර කීපයක් තෝරගෙන ඒවා ශුද්ධ නගර විදිහට වෙන් කළා. ඒ නගර මේවායි. ගලීලය කියන ප්‍රදේශයේ තියෙන කෙදෙෂ්+ නගරය. ඒක තියෙන්නේ නෆ්තලී ගෝත්‍රයට අයිති කඳුකර පළාතේ. එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන ෂීකෙම්+ නගරය. යූදා ගෝත්‍රයට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන කිර්යත්අර්බා+ නගරය. (ඒක හෙබ්‍රොන් විදිහටත් හඳුන්වනවා.) 8 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ යෙරිකෝවට ළඟින් තියෙන බෙෂෙර්+ නගරය. ඒක තියෙන්නේ රූබෙන් ගෝත්‍රයේ දේශ සීමාවට අයිති පාළුකරයේ තියෙන උස් තැනිතලාවේ. ගාද් ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශයේ ගිලියද්වල තියෙන රාමොත්+ නගරය. මනස්සේ+ ගෝත්‍රයට ලැබුණ ප්‍රදේශයේ බාෂාන්වල තියෙන ගෝලාන්+ නගරය.

  • යොෂුවා 21:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 පූජක ආරොන්ගෙන් පැවතෙන අයට හෙබ්‍රොන්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් ලැබුණා. හෙබ්‍රොන් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්.+ ඒ වගේම ලිබ්නා,+

  • යොෂුවා 21:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එෆ්‍රායිම්ට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන ෂීකෙම්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් එයාලට ලැබුණා. ෂීකෙම් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්.+ ඒ වගේම ගෙෂෙර්,+

  • යොෂුවා 21:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ලෙවී ගෝත්‍රයට අයිති ගේර්ෂොන්වරුන්ට+ මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකට අයිති නගරවලින් නගර දෙකක් ලැබුණා. එයාලට බාෂාන්වල තියෙන ගෝලාන්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් ලැබුණා. ගෝලාන් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්. බෙයෙෂ්තෙරා නගරය සහ ඒ අවට තියෙන තණබිම් අයිති වුණෙත් එයාලට.

  • යොෂුවා 21:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 නෆ්තලී ගෝත්‍රයට අයිති නගරවලින් නගර තුනක් එයාලට ලැබුණා. එයාලට ගලීලයේ තියෙන කෙදෙෂ්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් ලැබුණා. කෙදෙෂ් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්.+ ඒ වගේම හම්මොත්දෝර් සහ කර්තාන් කියන නගර සහ ඒවා අවට තියෙන තණබිම් ලැබුණෙත් එයාලට.

  • යොෂුවා 21:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 රූබෙන් ගෝත්‍රයට අයිති නගරවලින් බෙෂෙර්,+ යහෂ්,+

  • යොෂුවා 21:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ගාද්+ ගෝත්‍රයට අයිති නගරවලින් ගිලියද්වල+ තියෙන රාමොත් නගරය සහ ඒ අවට තණබිම් එයාලට ලැබුණා. රාමොත් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්. ඒ වගේම මහනායිම්,+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න