-
ද්විතීය කතාව 19:4, 5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 “කෙනෙක් අතින් කවුරු හරි මනුස්සයෙක් මැරුණොත් ඒ කෙනාගේ ජීවිතේ බේරගන්න එයා කරන්න ඕනෙ මේකයි. ඒක වුණේ අත්වැරදීමකින් නම් ඒ වගේම මැරුණ කෙනා එක්ක එයාට කලින් කිසිම අමනාපයක් තිබුණේ නැත්නම් එයා ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+ 5 හිතන්න, කෙනෙක් තව කෙනෙක් එක්ක දර කපන්න කැලෑවට යනවා කියලා. දර කපන්න පොරෝ පහරක් ගහද්දී පොරෝ තලය ගැලවිලා ගිහින් අනිත් කෙනාගේ වැදිලා එයා මැරුණොත් පොරෝ පහර ගහපු කෙනා ජීවිතේ බේරගන්න ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+
-