ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 21:12, 13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “කෙනෙක් තව කෙනෙක්ට පහර දීලා ඒ කෙනාව මැරුවොත් පහර දුන් කෙනාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ 13 ඒත් අත්වැරදීමක් නිසා කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් වරද කළ කෙනාට පලා යන්න තැනක් මම නියම කරනවා.+ මොකද ඔහු ඒ කෙනාව මැරුවේ හිතාමතා නෙමෙයි. ඒ වගේ දෙයක් වෙන්න සැබෑ දෙවියන් ඉඩහැරියා.

  • ද්විතීය කතාව 19:4, 5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “කෙනෙක් අතින් කවුරු හරි මනුස්සයෙක් මැරුණොත් ඒ කෙනාගේ ජීවිතේ බේරගන්න එයා කරන්න ඕනෙ මේකයි. ඒක වුණේ අත්වැරදීමකින් නම් ඒ වගේම මැරුණ කෙනා එක්ක එයාට කලින් කිසිම අමනාපයක් තිබුණේ නැත්නම් එයා ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+ 5 හිතන්න, කෙනෙක් තව කෙනෙක් එක්ක දර කපන්න කැලෑවට යනවා කියලා. දර කපන්න පොරෝ පහරක් ගහද්දී පොරෝ තලය ගැලවිලා ගිහින් අනිත් කෙනාගේ වැදිලා එයා මැරුණොත් පොරෝ පහර ගහපු කෙනා ජීවිතේ බේරගන්න ඒ එක නගරෙකට පලා යන්න ඕනේ.+

  • යොෂුවා 20:2, 3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඊශ්‍රායෙල්වරුන්ට මේ දේ කියන්න. ‘මං කලින් මෝසෙස්ට කිව්ව විදිහට ඔයාලා දැන් නගර කීපයක් තෝරගෙන ආරක්ෂාව ලබා දෙන නගර විදිහට ඒවා වෙන් කරන්න.+ 3 එතකොට අත්වැරදීමක් නිසා* කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් එයාට පුළුවන් ආරක්ෂාව ලබා දෙන නගරයකට පලා යන්න. වරද කරපු කෙනා ඒ නගරයකට ගියොත් එයාව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන්* ආරක්ෂා වෙන්න එයාට පුළුවන්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න