ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 30:4-6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 රාකෙල් එයාගේ සේවිකාව වුණ බිල්හාව බිරිඳක් විදිහට යාකොබ්ට දුන්නා. යාකොබ් එයාත් එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා.+ 5 බිල්හා ගැබ්ගෙන යාකොබ්ට පුතෙක් බිහි කළා. 6 එතකොට රාකෙල් මෙහෙම කිව්වා. “දෙවියන් මට යුක්තිය ඉටු කළා. ඔහු මට සවන් දීලා මට පුතෙක් ලබා දුන්නා.” ඒ නිසා එයා ඒ පුතාට දාන්*+ කියන නම තිබ්බා.

  • උත්පත්ති 46:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දාන්ගේ+ පුතාගේ* නම: හුෂිම්.+

  • ගණන් කතාව 2:25, 26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 “තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව උතුරු පැත්තේ කූඩාරම් ගහගෙන ඉන්න ගෝත්‍ර තුනෙන් ප්‍රධාන එක වෙන්නේ දාන් ගෝත්‍රයයි. දාන් ගෝත්‍රයේ අධිපතියා වෙන්නේ අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්.+ 26 ඔහුගේ බළඇණියේ හිටපු ලියාපදිංචි කරපු පුරුෂයන්ගේ මුළු ගාණ 62,700යි.+

  • ගණන් කතාව 10:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඊටපස්සේ පිටත් වෙලා ගියේ දාන් ගෝත්‍රය සහ එයාලා එක්ක කඳවුරු බැඳගෙන හිටපු ගෝත්‍ර දෙක. එයාලා තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත් වෙලා ගියා. එයාලා ආරක්ෂක සේනාවක් විදිහට අනිත් කණ්ඩායම් පිටිපස්සෙන් ගියා. දාන් ගෝත්‍රයට අයිති කණ්ඩායමේ අධිපතියා වුණේ අමිෂද්දයිගේ පුතා වන අහියේසෙර්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න