14 ඒ සතුන් එක්ක පාන පූජාත් ඔප්පු කළ යුතුයි. හැම වස්සෙක් එක්කම වයින් හින මිනුමකින් දෙකෙන් කොටසක්+ ඔප්පු කරන්න. බැටළුවා එක්ක වයින් හින මිනුමකින් තුනෙන් කොටසක්+ ඔප්පු කරන්න. හැම බැටළු පැටියෙක් එක්කම වයින් හින මිනුමකින් හතරෙන් කොටසක්+ ඔප්පු කරන්න. අවුරුද්දේ හැම මාසයකම ඒ දවන පූජා ඔප්පු කරන්න.