-
ගණන් කතාව 4:15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 “ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් තැනකට යන්න සූදානම් වෙද්දී ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානයට අයිති හැම දෙයක්ම ඒ විදිහට වැසිය යුතුයි.+ ඊටපස්සේ කෝහාත්ගේ පුතුන් ඇවිත් ඒ හැම දෙයක්ම උස්සගෙන යන්න ඕනේ.+ හමු වීමේ කූඩාරමට අයිති භාණ්ඩ අරගෙන යන වගකීම තියෙන්නේ කෝහාත්වරුන්ටයි. ඒත් කොයිම වෙලාවකවත් ඔවුන්ට ශුද්ධස්ථානයට අයිති කිසිම දෙයක් අල්ලන්න දෙන්න එපා. මොකද එහෙම කළොත් ඔවුන් මිය යනවා.+
-
-
ගණන් කතාව 16:39, 40ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 ගින්නෙන් විනාශ වුණ මිනිස්සු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න ගෙනාපු තඹ භාජන පූජක එලියාසර් එකතු කරගෙන ඒවා තළලා තුනී තහඩු හැදුවා. ඊටපස්සේ ඒ තහඩු පූජාසනයේ සවි කළා. 40 එහෙම කළේ ආරොන්ගේ පවුලට* අයිති නැති කිසිම කෙනෙක්ට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න යෙහෝවා ඉස්සරහට එන්න බැහැ කියන දේ ඊශ්‍රායෙල්වරුන්ට මතක් කරන්නයි.+ ඒ වගේම කෝරා සහ එයාත් එක්ක හිටපු අය වගේ වැඩ කරන එක කොයි තරම් අනතුරුදායකද කියන දේ සෙනඟට මතක් කරන්නයි.+ යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් අණ කරපු හැම දේම එලියාසර් කළා.
-