-
ලෙවී කතාව 5:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 “‘ඔහුට කොබෙයියන් දෙන්නෙක්ව හරි පරෙවියන් දෙන්නෙක්ව හරි ගේන්න වත්කමක් නැත්නම් ඔහු කරපු වරද වෙනුවෙන් පාප පූජාවක් හැටියට සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටසක්*+ ගෙනා යුතුයි. ඒක පාප පූජාවක් නිසා ඔහු ඒ මත තෙල්වත් කට්ටකුමංජල්වත් නොදැමිය යුතුයි. 12 ඔහු ඒක පූජකයා ළඟට ගෙනා යුතුයි. පූජකයා ඒ පූජාවෙන් අහුරක් අරගෙන මුළු පූජාවම නියෝජනය කරන්න* ඒක ඔප්පු කළ යුතුයි. යෙහෝවාට ගින්නෙන් ඔප්පු කරපු අනිත් පූජාවලට උඩින් තියලා දුම ඉහළට නඟින විදිහට ඒක දැවිය යුතුයි. ඒක පාප පූජාවක්.
-
-
ලෙවී කතාව 6:25, 26ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 “ආරොන්ටයි, ඔහුගේ පුතාලටයි මෙහෙම කියන්න. ‘පාප පූජාව සඳහා නීතිය මේකයි.+ දවන පූජාවට ඔප්පු කරන සතුන්ව මරන තැනදීම තමයි+ පාප පූජාවට ඔප්පු කරන සතාවත් මැරිය යුත්තේ. යෙහෝවා ඉස්සරහා ඒ සතාව මැරිය යුතුයි. ඒ පූජාව ඉතා ශුද්ධ දෙයක්. 26 පාප පූජාව ඔප්පු කරන පූජකයා ඒකෙන් කන්න ඕනේ.+ ඒක කන්න ඕනෙ ශුද්ධ තැනකදී. ඒ කියන්නේ හමු වීමේ කූඩාරමේ මළුව ඇතුළේදී.+
-