17 ඊටපස්සේ එලිෂා මෙහෙම යාච්ඤා කළා. “අනේ යෙහෝවා, හැම දෙයක්ම දකින්න පුළුවන් වෙන විදිහට එයාගේ ඇස් අරින්න.”+ එතකොටම යෙහෝවා ඒ සේවකයාගේ ඇස් ඇරියා. එතකොට එලිෂා වටේට+ තිබුණ කඳුකර පළාතම අශ්වයන් සහ අශ්ව රථවලින් පිරිලා තියෙනවා එයා දැක්කා. ඒ අශ්වයනුයි, අශ්ව රථයි හරියට ගින්දර වගේ.+