-
යොෂුවා 1:14, 15ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 යොර්දාන් ගඟෙන් මේ පැත්තේ* තියෙන ප්‍රදේශය මෝසෙස් ඔයාලට දුන්නා. ඔයාලාගේ භාර්යාවන්ටත් දරුවන්ටත් සත්තුන්ටත් මෙහේ නවතින්න පුළුවන්.+ ඒත් ඔයාලාගේ සහෝදරයන්ට ඔයාලා උදව් කරන්න ඕනේ. ඔයාලා අතරේ ඉන්න යුද්ධයට දක්ෂ හැම පුරුෂයෙක්ම+ හමුදාවක් වගේ පෙළ ගැහිලා ඔයාලාගේ සහෝදරයන්ට ඉස්සරහින් ගිහින් ගඟෙන් එගොඩ වෙන්න ඕනේ.+ 15 යෙහෝවා ඔයාලට වගේම ඔයාලාගේ සහෝදරයන්ටත් කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව දෙයි. යෙහෝවා දෙවියන් එයාලට දෙන දේශය අයිති කරගන්න කල් එයාලට උදව් කරන්න. ඊටපස්සේ ඔයාලට පුළුවන් ආයෙත් යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තට ඇවිත් යෙහෝවාගේ සේවකයා වුණ මෝසෙස් ඔයාලට දුන්න මේ දේශයේ පදිංචි වෙන්න.’”+
-
-
යොෂුවා 22:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 අද ඔයාලාගේ සහෝදරයන් මේ දේශයේ කිසි කරදරයක් නැතුව නිදහසේ ජීවත් වෙනවා. ඒ, ඔයාලාගේ දෙවි යෙහෝවා ඔහු දුන්න පොරොන්දු ඒ විදිහටම ඉටු කරපු නිසයි.+ ඉතින් දැන් ඔයාලට පුළුවන් යෙහෝවාගේ සේවක මෝසෙස් ඔයාලට උරුමයක් විදිහට දුන්න දේශයට ගිහින් ජීවත් වෙන්න. යොර්දාන් ගඟෙන් එහා පැත්තේ* තියෙන ඔයාලාගේ ගෙවල්වලට* ගිහින් පදිංචි වෙන්න.+
-