-
1 ලේකම් 12:39, 40ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 එයාලාගේ සහෝදරයන් ලෑස්ති කරලා තිබුණ කෑම බීම කාලා බීලා එයාලා දාවිත් එක්ක දවස් තුනක් එහේ හිටියා. 40 ඒ අවට හිටපු අය වගේම ඈත ප්‍රදේශවල ජීවත් වුණ අය පවා ඒ කියන්නේ ඉසකාර්, සෙබ්‍යූලන් සහ නෆ්තලී ගෝත්‍රවල අයත් ඔටුවන්, බූරුවන්, කොටළුවන් සහ ගවයන් පිටේ කෑම බීම පටවගෙන ආවා. පිටි, වියළි අත්තික්කා කුට්ටි, වියළි මිදි කුට්ටි, වයින් සහ තෙල් එයාලා ගෙනාවා. හරක් සහ බැටළුවන් විශාල ප්‍රමාණයකුත් එයාලා අරන් ආවා. මොකද ඊශ්‍රායෙල් දේශයේ හිටපු හැමෝම ගොඩක් සතුටු වුණා.
-