-
2 සාමුවෙල් 5:19-21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 ඒ වෙලාවේ දාවිත් යෙහෝවා දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා.+ “මම පිලිස්තිවරු එක්ක සටන් කරන්නද? එයාලව යටත් කරගන්න ඔයා මට උදව් කරනවාද?” යෙහෝවා දාවිත්ට කිව්වා “ගිහින් එයාලත් එක්ක සටන් කරන්න. එයාලව යටත් කරගන්න මම අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරනවා”+ කියලා. 20 ඉතින් දාවිත් රජ බාල්පෙරාෂිම් කියන තැනට ගිහින් පිලිස්තිවරු එක්ක සටන් කරලා එයාලව පරාජය කළා. ඒ වෙලාවේ දාවිත් මෙහෙම කිව්වා. “වේගයෙන් ගලාගෙන යන ජල පහරක් වගේ යෙහෝවා මට ඉස්සරහින් ගිහින් මගේ සතුරන්ව විනාශ කළා.”+ දාවිත් ඒ තැනට බාල්පෙරාෂිම්*+ කියන නම දුන්නේ ඒ නිසයි. 21 පිලිස්තිවරු එයාලාගේ දෙවිවරුන්ගේ රූප එතනම දාලා පලා ගිහින් තිබුණා. දාවිත් සහ එයාගේ සෙබළු ඒ රූප ටික අරන් ගිහින් ඒවා විනාශ කළා.
-