-
2 සාමුවෙල් 5:22-25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
22 පිලිස්තිවරු ආයෙත් ඇවිත් රෙෆායිම්+ නිම්නයේ තැනින් තැනට ගිහින් සටන් කරන්න ලෑස්ති වුණා. 23 ඒ වෙලාවෙත් දාවිත් යෙහෝවාගෙන් ඇහුවා එයාලා එක්ක සටන් කරන්න යන්නද කියලා. එතකොට ඔහු දාවිත්ට මෙහෙම කිව්වා. “මේ පාර නම් එයාලා ඉස්සරහට ගිහින් සටන් කරන්න එපා. වටෙන් ගිහින් බේකා පඳුරු පිටිපස්සේ හැංගිලා ඉන්න. එයාලට පහර දෙන්න වෙලාව ආවාම පඳුරු ඉස්සරහට යන්න. 24 බේකා පඳුරු අතරින් පිරිසක් ඇවිදිනවා වගේ සද්දයක් ඔයාට ඇහෙයි. ඒක ඇහුණ ගමන්ම ගිහින් පිලිස්තිවරුන්ට පහර දෙන්න. යෙහෝවා වන මං ඔයාලට ඉස්සරහින් ගිහින් සටන් කරනවා කියලා කියන්න ඒක ලකුණක්.” 25 දාවිත් යෙහෝවා දෙවියන් කියපු විදිහටම කළා. එයා ගෙබා+ නගරයේ ඉඳන් ගෙෂෙර්+ නගරය වෙන කල් ගිහින් පිලිස්තිවරුන්ට+ පහර දුන්නා.
-