-
2 රාජාවලිය 11:9-12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 සීය ගාණේ ඉන්න කණ්ඩායම්වල ප්‍රධානීන්+ පූජක යෙහෝයාදා අණ කරපු විදිහටම කළා. ඒ හැම ප්‍රධානියෙක්ම එයාලාගේ කණ්ඩායමේ සබත් දවසේ මුර සේවය කරපු අයවයි, මුර සේවයෙන් නිවාඩු ලබපු අයවයි එක්කගෙන පූජක යෙහෝයාදාව හම්බ වෙන්න ආවා.+ 10 ඊටපස්සේ පූජක යෙහෝයාදා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ, දාවිත් රජට අයිති හෙල්ල සහ පලිස් ඔක්කොම අරගෙන ඒවා ඒ ප්‍රධානීන්ට දුන්නා. 11 මාලිගාවේ මුරකරුවන්+ ආයුධ අතේ තියාගෙන එයාලට නියම කරපු තැන්වලට ගියා. එයාලා දේවමාලිගාවේ දකුණු පැත්තේ ඉඳන් වම් පැත්ත දක්වාත් පූජාසනය+ ළඟත් දේවමාලිගාව ළඟත් රජ වටේට මුරට හිටියා. 12 ඊටපස්සේ යෙහෝයාදා, රජගේ පුතාව+ එළියට ගෙනල්ලා එයාට ඔටුන්න පලඳවලා නීතිය සඳහන් ලියවිල්ල*+ එයාට දුන්නා.* එයාලා එයාව රජ විදිහට අභිෂේක කළා. ඊටපස්සේ එයාලා අත්පුඩි ගගහා මෙහෙම කියන්න පටන්ගත්තා. “රජතුමා දිගු කල් ජීවත් වේවා!”+
-