10 අනිත් අයට හානියක් වෙන විදිහේ නියෝග පනවන අයටත්+
මිනිස්සුන්ව පීඩාවට පත් කරන නීති හදන අයටත් මොන තරම් විපතක් වෙයිද!
2 ඒ නියෝග, නීති පනවන්නේ දුප්පතුන්ට අයිතිවාසිකම් ලබා නොදී ඉන්නයි.
මගේ සෙනඟ අතරේ ඉන්න අසරණ, පීඩිත අයට යුක්තිය ඉටු නොකර ඉන්නයි.+
ඔවුන් වැන්දඹුවන්ගෙන් කොල්ල කනවා.
පියා නැති දරුවන්ගෙන් සූරා කනවා.+