3 මගේ විශ්වාසවන්ත හවුල් සේවකයෙක් වන ඔයාගෙන් මං ඉල්ලන්නේ ඒ සහෝදරියන්ට දිගටම උදව් කරන්න කියලයි. ශුභාරංචිය දේශනා කරන්න ක්ලෙමන්ට් සහ මගේ අනිත් හවුල් සේවකයන් වගේම ඒ සහෝදරියනුත් මාත් එක්ක උරෙන් උර ගැටිලා සේවය කළා. එයාලා හැමෝගෙම නම් ජීවන පොතේ ලියලා තියෙනවා.+