ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:9, 10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයයි,+ රජමාලිගාවයි,+ යෙරුසලමේ තිබුණ හැම ගෙයක්මයි,+ ප්‍රසිද්ධ හැමෝගෙම ගෙවලුයි ගිනි තියලා විනාශ කළා.+ 10 ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා එක්ක හිටපු කල්දිවරුන්ගේ මුළු හමුදාවම එකතු වෙලා යෙරුසලම වටේ තිබුණ පවුර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.+

  • 2 ලේකම් 36:17-19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ නිසා දෙවියන් කල්දිවරුන්ගේ+ රජව එයාලට විරුද්ධව එව්වා. එයා ඇවිත් එයාලාගේ තරුණයන්ව ශුද්ධස්ථානයේදීම+ කඩුවෙන් මරලා දැම්මා.+ තරුණ තරුණියන්ටවත් මහලු, අබලදුබල අයටවත් එයා කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.+ දෙවියන් හැම දෙයක්ම එයාගේ අතට භාර දුන්නා.+ 18 සැබෑ දෙවියන්ගේ ගෘහයේ තිබුණ හැම භාජනයක්ම, ලොකු පොඩි හැම දෙයක්ම එයා බැබිලෝනියට අරගෙන ගියා. ඒ විතරක් නෙමෙයි එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ වටින දේවලුත් රජට සහ එයාගේ නිලධාරීන්ට අයිති වටින දේවලුත් අරන් ගියා.+ 19 එයා සැබෑ දෙවියන්ගේ ගෘහයට ගිනි තියලා+ යෙරුසලමේ පවුරත් කඩලා දැම්මා.+ එහේ තිබුණ බලකොටු හැම එකකටමත් ගිනි තිබ්බා. යෙරුසලමේ තිබුණ වටින හැම දෙයක්ම එයා විනාශ කරලා දැම්මා.+

  • යෙරෙමියා 52:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයටයි, රජමාලිගාවටයි, යෙරුසලමේ තිබුණ හැම ගේකටමයි ගිනි තියලා විනාශ කළා.+ ලොකු ගෙවල් ඔක්කොටමත් ගිනි තිබ්බා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න