17 ඔබේ මිදුම්කරු සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවා මෙහෙම කියනවා.+
“යෙහෝවා වන මමයි ඔබේ දෙවියන්.
ඔබේම යහපත වෙනුවෙන් ඔබට උගන්වන්නේ මමයි.+
ඔබ යන්න ඕනෙ පාර ඔබට පෙන්නලා දෙන්නෙත් මමයි.+
18 ඔබ මගේ ආඥාවලට ඇහුම්කන් දෙනවා නම් කොච්චර හොඳද!+
එහෙම කරනවා නම් ඔබේ සමාදානය ගංගාවක් වගෙත්+
ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැලි වගෙත් වෙයි.+