-
ද්විතීය කතාව 7:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට උරුම කරලා දෙන්න යන දේශයට ඔයාලව ළඟදීම අරන් යයි.+ ඔහු ඔයාලව ඒ දේශයට අරන් ගියාම ඔයාලට වඩා බලවත් ජාතීන්ව ඔයාලාගේ ඇස් පනාපිටම පන්නලා දායි.+ හිත්තීවරුන්, ගිර්ගාෂිවරුන්, අමෝරිවරුන්,+ කානානිවරුන්, පෙරිස්සිවරුන්, හිවීයවරුන් සහ යෙබූසිවරුන්+ කියන ඔයාලට වඩා විශාල, බලවත් ජාතීන් හතම ඔහු දේශයෙන් පන්නලා දායි.+ 2 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඒ ජාතීන්ව ඔයාලාගේ අතට භාර දෙන නිසා ඔයාලා එයාලව පරාජය කරනවා.+ ඒ ජාතීන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න.+ එයාලා එක්ක කිසිම ගිවිසුමක් ඇති කරගන්නවත් එයාලට කිසිම අනුකම්පාවක් පෙන්නන්නවත් එපා.+
-