ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 12:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඒ ජාතීන් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරපු විදිහට ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න එපා. මොකද ඒ ජාතීන් එයාලාගේ දෙවිවරුන්ට නමස්කාර කරද්දී යෙහෝවා පිළිකුල් කරන හරිම දුෂ්ට දේවල් කරනවා. එයාලාගේ දූපුතුන්ව පවා ගින්නෙන් දවලා ඒ දෙවිවරුන්ට ඔප්පු කරනවා.+

  • 2 රාජාවලිය 16:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 රෙමලියාගේ පුතා වුණ පේකා පාලනය කරපු 17වෙනි අවුරුද්දේදී යූදාවල රජකම් කරපු යෝතම්ගේ පුතා වුණ ආහස්+ රජකමට පත් වුණා.

  • 2 රාජාවලිය 16:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එයා වැඩ කළේ ඊශ්‍රායෙල්වල රජවරු වැඩ කරපු විදිහටයි.+ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් ඉස්සරහින් පන්නලා දාපු ජාතීන් කරපු පිළිකුල්සහගත දේවලුත් එයා කළා.+ එයා එයාගෙම පුතාව පවා ගින්නෙන් දවලා පූජාවක් විදිහට ඔප්පු කළා.*+

  • 2 රාජාවලිය 17:17, 18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ විතරක් නෙමෙයි එයාලාගේ දූපුතුන්ව ගින්නෙන් දවලා පූජා විදිහට ඔප්පු කළා.+ එයාලා පේන කියන්න,+ නිමිති බලන්න පටන්ගත්තා. එයාලා හිතාමතාම යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කරලා ඔහුව කේන්ති ගැස්සුවා.

      18 යෙහෝවාට ඊශ්‍රායෙල්වරුන් එක්ක ගොඩක් කේන්ති ගිය නිසා ඔහු එයාලව අයින් කරලා දැම්මා.+ යූදා ගෝත්‍රය ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට දේශයේ ඉන්න ඔහු ඉඩහැරියේ නැහැ.

  • යෙරෙමියා 7:30, 31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ‘මොකද යූදාවල සෙනඟ මම වැරදියි කියලා සලකන දේවල් කළා’ කියලා යෙහෝවා කියනවා. ‘ඔවුන් මගේ නම දරන ගෘහය අපවිත්‍ර කරන්න පිළිකුල්සහගත රූප ඒකේ තිබ්බා.+ 31 ඔවුන්ගේ දූදරුවන්ව ගින්නෙන් දවන්න+ ඔවුන් බෙන්හින්නොම් නිම්නයේ*+ තෝෆෙත්වල පූජාසන* හැදුවා. ඒ වගේ දෙයක් කරන්න කියලා මම ඔවුන්ට අණ කළේ නැහැ. ඒ වගේ අදහසක් මගේ හිතට ආවේවත් නැහැ.’+

  • 1 කොරින්ති 10:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 නැහැ, මං එහෙම දෙයක් නෙමෙයි කියන්නේ. මං කියන්නේ වෙනත් ජාතීන්ට අයිති අය* පූජා ඔප්පු කරන්නේ දෙවියන්ට නෙමෙයි,+ භූතයන්ට කියලයි. ඔයාලා භූතයන් එක්ක කිසිම දේකට හවුල් වෙනවාට මං කැමති නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න