18 යෙහෝවා සෙනඟ වෙනුවෙන් විනිශ්චයකරුවෙක්ව පත් කළාම+ ඒ විනිශ්චයකරුගේ ජීවිත කාලේ පුරාම යෙහෝවා එයා එක්ක ඉඳලා සතුරන්ගේ අතින් සෙනඟව බේරගන්න එයාට උදව් කළා. මොකද සතුරන් සෙනඟට ගොඩක් හිංසා පීඩා කළා. සෙනඟ විඳපු දුක නිසා එයාලා අඬා වැලපෙද්දී+ යෙහෝවාට එයාලා ගැන ලොකු අනුකම්පාවක් දැනුණා.+