ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 1:16-20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “සහෝදරයෙනි, යේසුස්ව අත්අඩංගුවට ගත්ත අයට මඟ පෙන්නපු යූදස්+ ගැන දාවිත් දෙවියන්ගේ බලය මාර්ගයෙන් අනාවැකියක් කියලා තිබුණා.+ ඒ හැම දෙයක්ම ඒ විදිහට වුණේ ලියලා තිබුණ දේ ඉටු වෙන්න ඕනෙ නිසයි. 17 යූදස් අපිත් එක්කම හිටපු කෙනෙක්.+ අපිත් එක්ක එකට සේවය කරන්න එයාවත් තෝරගෙන තිබුණා. 18 (ඒ මිනිහා එයා කරපු දුෂ්ට දේට ලැබුණ කුලියෙන් පිට්ටනියක් මිල දී ගත්තා.+ එයා උඩ ඉඳන් වැටෙද්දී ඉස්සෙල්ලාම එයාගේ ඔළුව පොළොවේ වැදුණා. ඊටපස්සේ එයාගේ බඩ පැළිලා බඩවැල් ඔක්කොම එළියට ආවා.+ 19 ඒ සිද්ධිය ගැන යෙරුසලමේ ඉන්න හැමෝටම ආරංචි වුණා. ඒ නිසා ඒ පිට්ටනිය එයාලාගේ භාෂාවෙන් හැඳින්නුවේ අකෙල්දමා කියලා. ඒකේ තේරුම “ලේ පිට්ටනිය” කියන එකයි.) 20 ගීතාවලිය පොතේ ‘ඔහුගේ නවාතැන පාළු තැනක් වේවා! ඒකේ කිසි කෙනෙක් ජීවත් නොවේවා!’+ කියලත් ‘ඔහුට භාර දීලා තියෙන වගකීම* වෙන කෙනෙක්ට භාර දෙන්න’+ කියලත් ලියලා තියෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න