- 
	                        
            
            1 සාමුවෙල් 23:26-28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
- 
                            - 
                                        26 සාවුල්, දාවිත් ළඟටම ආවා. සාවුල් කන්දේ එක පැත්තකත් දාවිත් සහ එයාගේ පිරිස කන්දේ අනිත් පැත්තෙත් හිටියා. සාවුල් සෙබළුත් එක්ක එයාලා ළඟටම ඇවිත් ඉන්නවා කියලා දැක්කාම+ දාවිත් කලබල වෙලා එයාලාගෙන් බේරෙන්න විදිහක් හෙව්වා.+ 27 ඒත් ඒ වෙලාවේ පණිවිඩකරුවෙක් ඇවිල්ලා සාවුල්ට මෙහෙම කිව්වා. “ඉක්මනට එන්න. පිලිස්තිවරු දේශය අල්ලගන්න හදනවා.” 28 ඉතින් සාවුල් දාවිත්ව එළවගෙන යන එක අත්හැරලා+ පිලිස්තිවරුන් එක්ක සටන් කරන්න ගියා. සාවුල් එතනින් ගිය නිසා ඒ පර්වතයට වෙන් වීමේ පර්වතය කියන නම ලැබුණා. 
 
- 
                                        
- 
	                        
            
            2 සාමුවෙල් 17:21, 22ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
- 
                            - 
                                        21 ඊටපස්සේ යොනාතාන් සහ අහිමයාෂ් ළිඳෙන් එළියට ඇවිත් දාවිත් හිටපු තැනට ගිහින් එයාට මෙහෙම කිව්වා. “ඔබ ඉක්මන් කරලා ගඟෙන් එහා පැත්තට යන්න. මොකද ඔබව මේ විදිහට අල්ලගන්න කියලා අහිතොෆෙල් උපදෙස් දීලා තියෙනවා.”+ 22 ඉතින් දාවිත් සහ එයා එක්ක හිටිය සෙනඟ ඉක්මනින්ම යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න පටන්ගත්තා. පාන්දර වෙද්දී හැම කෙනෙක්ම ගඟෙන් එහා පැත්තට ගිහින් තිබුණා. 
 
-