ගීතාවලිය 29:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ශක්තිය ලබා දෙනවා.+ සාමයෙන් ජීවත් වෙන්න යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා.+ යෙසායා 40:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “ඉහළ අහස දිහා බලන්න. මේ දේවල් නිර්මාණය කළේ කවුද?+ සේනාවකට අණ දෙනවා වගේ ඒවා ගණන් කරලා ඒවාට අණ දෙන තැනැත්තායි.ඔහු ඒ හැම එකකටම නම කියලා අඬගහයි.+ ඔහුට තියෙන අතිමහත් ශක්තියත් ඔහුගේ පුදුමසහගත බලයත් නිසා+ඒ හැම එකක්ම ඒවාට නියමිත ස්ථානවල සිටියි. ෆිලිප්පි 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මට බලය දෙන තැනැත්තාගේ උදව්වෙන් ඕනෙම දේකට මූණ දෙන්න මට ශක්තිය ලැබෙනවා.+ හෙබ්‍රෙව් 11:33, 34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 එයාලට තිබුණ විශ්වාසය නිසා එයාලා රාජ්‍යයන් පරාජය කළා.+ හරි දේ වෙනුවෙන් ස්ථිරව හිටියා. පොරොන්දු ලබාගත්තා.+ සිංහයන්ගේ කටවල් වැහුවා.+ 34 බලවත් ගින්නකින් ගැලවුණා.+ කඩු පහරින් බේරුණා.+ දුර්වල වෙලා ඉද්දී බලවත් වුණා.+ යුද්දේදී බය නැතුව සටන් කළා.+ පහර දෙන්න ආපු යුද සේනා පන්නලා දැම්මා.+
11 යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට ශක්තිය ලබා දෙනවා.+ සාමයෙන් ජීවත් වෙන්න යෙහෝවා ඔහුගේ සෙනඟට ආශීර්වාද කරනවා.+
26 “ඉහළ අහස දිහා බලන්න. මේ දේවල් නිර්මාණය කළේ කවුද?+ සේනාවකට අණ දෙනවා වගේ ඒවා ගණන් කරලා ඒවාට අණ දෙන තැනැත්තායි.ඔහු ඒ හැම එකකටම නම කියලා අඬගහයි.+ ඔහුට තියෙන අතිමහත් ශක්තියත් ඔහුගේ පුදුමසහගත බලයත් නිසා+ඒ හැම එකක්ම ඒවාට නියමිත ස්ථානවල සිටියි.
33 එයාලට තිබුණ විශ්වාසය නිසා එයාලා රාජ්‍යයන් පරාජය කළා.+ හරි දේ වෙනුවෙන් ස්ථිරව හිටියා. පොරොන්දු ලබාගත්තා.+ සිංහයන්ගේ කටවල් වැහුවා.+ 34 බලවත් ගින්නකින් ගැලවුණා.+ කඩු පහරින් බේරුණා.+ දුර්වල වෙලා ඉද්දී බලවත් වුණා.+ යුද්දේදී බය නැතුව සටන් කළා.+ පහර දෙන්න ආපු යුද සේනා පන්නලා දැම්මා.+