ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 45:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 සදාකාලයෙන් සදාකාලයටම සිංහාසනය ඔබට හිමි කර දෙන්නේ දෙවියන්.+

      ඔබ රජකම් කරන්නේ යුක්තිය කියන රාජ යෂ්ටිය අතේ තියාගෙනයි.+

  • ගීතාවලිය 72:1, 2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 72 දෙවියනි, ඔබේ තීන්දුවලට අනුව විනිශ්චය කරන්න රජුට උගන්වන්න.

      ඔබ වගේ ධර්මිෂ්ඨව වැඩ කරන්න රජුගේ පුතාට උදව් කරන්න.+

       2 ඔහු ධර්මිෂ්ඨකමින් ඔබේ සෙනඟ වෙනුවෙන් පියවර ගනු ලැබේවා!

      අසරණ වෙලා ඉන්න අයට යුක්තිය ඉටු කරලා දෙනු ලැබේවා!+

  • යෙසායා 9:6, 7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 අපිට දරුවෙක් ඉපදුණා.+

      අපිට පුතෙක්ව දුන්නා.

      පාලන බලය* ඔහුගේ අතට භාර දෙයි.*+

      ඔහුව උතුම් උපදේශකයා,+ බලවත් දෙවියන්,+ සදාකාල පියාණන් සහ සමාදානයේ කුමාරයා කියලා හඳුන්වයි.

       7 දාවිත්ගේ සිංහාසනය මත+ ඉඳගන්න ඔහුට, ඔහුගේ රාජ්‍යය ලැබෙනවා.

      ඔහුගේ පාලන බලයට* සීමාවක්, මායිමක් නැහැ.

      ඒක හැම තැනටම විහිදෙනවා.

      සමාදානයට කෙළවරක් නැහැ.+

      මෙතැන් පටන් හැමදාටම ඒ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා.+

      ධර්මිෂ්ඨකම+ සහ යුක්තිය+ නිසා ඒ රාජ්‍යය හැමදාටම පවතිනවා.

      ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මහත් ආශාවකින් ඒ දේ කරනවා.

  • යෙසායා 32:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 බලන්න! ධර්මිෂ්ඨකම වෙනුවෙන් කැප වෙන+ රජෙක්+ එයි.

      අධිපතීන් යුක්තිය ඉටු කරමින් පාලනය කරයි.

  • යෙරෙමියා 23:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “බලන්න! මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ කෙනෙක්ව* නැඟිට්ටවන කාලයක් එනවා”+ කියලා යෙහෝවා කියනවා. “ඔහු අනිවාර්යයෙන්ම රජකම් කරනවා.+ ඔහු අවබෝධයෙන් වැඩ කරන, දේශය පුරා යුක්තිය ඉටු කරන, ධර්මිෂ්ඨකමින් පාලනය කරන රජ කෙනෙක්.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න