-
2 රාජාවලිය 3:24, 25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 මෝවබ්වරු ඊශ්‍රායෙල් කඳවුරට ආවාම ඊශ්‍රායෙල්වරු එයාලට පහර දෙන්න පටන්ගත්තා. ඉතින් මෝවබ්වරු පැනලා දිව්වා.+ ඊශ්‍රායෙල්වරු මෝවබ්වලට යන කල්ම එයාලා පස්සේ එළවගෙන ගිහිල්ලා එයාලට පහර දුන්නා. 25 එයාලා මෝවබ්වල තිබුණ නගර විනාශ කරලා දැම්මා. හැම කෙනෙක්ම ගලක් ගාණේ අරගෙන ගිහින් දේශයේ තිබුණ හොඳ ඉඩම් හැම එකකටම වීසි කළා. එයාලා හොඳ ඉඩම් ඔක්කොටම ගල් පිරෙව්වා. එයාලා දිය උල්පත් හැම එකක්ම වහලා දැම්මා.+ හොඳ ගස් ඔක්කොමත් කපලා දැම්මා.+ අන්තිමට ඉතුරු වුණේ කිර්හරෙසෙත්වල+ ගල් පවුරු විතරයි. ගල්පටිවලින් විදින අය ඒක වට කරලා ඒකට හොඳටම පහර දුන්නා.
-