-
2 ලේකම් 36:15, 16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔහුගේ පණිවිඩකරුවන් මාර්ගයෙන් එයාලට දිගටම අනතුරු ඇඟෙව්වා. ඔහුගේ සෙනඟ ගැන දැනුණ අනුකම්පාව නිසාත් ඔහුගේ ගෘහය විනාශ වෙනවා දකින්න අකමැති වුණ නිසාත් ඔහු එයාලට ආයේ ආයේ අනතුරු ඇඟෙව්වා. 16 ඒත් එයාලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවන්ට නින්දා කළා.+ දෙවියන් කියපු දේවල් ගාණකටවත් ගත්තේ නැති+ එයාලා ඔහුගේ අනාගතවක්තෘවරුන්ට අපහාස කළා.+ ඔය විදිහට එයාලා හරි පාරට ගන්නම බැරි තැනට ආවා. අන්තිමට යෙහෝවාට එයාලා එක්ක හොඳටම කේන්ති ගියා.+
-
-
එසකියෙල් 9:9, 10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 එතකොට ඔහු මට මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් සහ යූදා සෙනඟ කරලා තියෙන්නේ ගොඩක් බරපතළ වැරදි.+ ඔවුන් දේශය ලෙයින් නාවලා.+ නගරය අයුක්තිසහගත දේවලින් පුරවලා.+ ඔවුන් මෙහෙම කියනවා. ‘යෙහෝවාට අපිව පේන්නේ නැහැ. යෙහෝවා අපේ දේශය අතහැරලා ගිහිල්ලා.’+ 10 ඔවුන් ගැන මම දුක් වෙන්නෙවත් ඔවුන්ට අනුකම්පා කරන්නෙවත් නැහැ.+ ඔවුන් කරපු දේවල්වල ප්‍රතිඵල මම ඔවුන් පිටටම ගේනවා.”
-